පාසල් ගීතය
සිප් නැණ සයුරේ කෙහෙළි නඟා
විදුහල දිගු කල් දිනේ සදා...........//
සෝමා දේවී විහාර මහා දේවී
විරුවරියන් ඒ ගිය මඟ සරසා
අභීත ලෙස මල් වැසි වස්සා
භක්ති ප්‍රණාමය ඔබට පුදකරන්
දිනේ දිනේ දිඟාසිරින් ඔබ
වැජඹේවා විදුහල් මැණි
සිප් නැණ සයුරේ කෙහෙළි නඟා........
බැති පා දස්කම් මන් තරුවක් සේ
දිදුළන ලොව තුළ මිණි පහණක් සේ
පතා පතා ජය සංඛා පිඹිම්න්
ඔබගේ නාමය සුරකිමු
පණ සේ
දිනේ දිනේ දිඟා සිරින් ඔබ වැජඹේවා විදුහල් මැණි.